FAST NEWS

24×7 Around the Globe

Avengers දැන් පරිඝනක ක්‍රීඩාවක් ලෙස

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක ප්‍රසිද්ධ කතා මාලාවක් වූ ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවට සමගාමීව නිෂ්පාදනය කර ඇති Avengers පරිඝනක ක්‍රීඩාවේ පළමු පූර්ව ප්‍රචාරක පටය පසුගියදා මාධ්‍යය වෙත එළිදැක්විය.

මීට වසර දෙකහමාරකට පෙර මෙම ක්‍රීඩාව නිෂ්පාදනය ආරම්භ කර තිබුනද මේ වනතෙක් එය එළිදක්වා නොමැත.

කෙසේ නමුත් දැන් එය එළිදැක්වීමට සියලුම කටයුතු සූදානම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මේ වසරේ නිෂ්පාදනය වූ Avengers EndGame නවතම චිත්‍රපටයේ එළිදැක්වීමත් සමග මෙම පරිඝනක ක්‍රීඩාවේ වැඩකටයුතුද  අවසන් කිරීමට Square Enix සමාගමට හැකියාව ලැබුණු බවයි වාර්තා වන්නේ.