FAST NEWS

24×7 Around the Globe

‘බාගි’ තෙවැන්නට රිටේශ්ගේ රංගනයත් එක්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොලිවුඩයේ අති දක්ෂ නළුවෙක් වන රිටේශ් දේශ්මුක් ඉදියේදී රූපගත කිරිමට නියමිත ‘බාගි’ තුන්වැන්න සඳහා එක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

දරුවන් දෙදෙනෙකුගේ ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ජෙනේලියා ඩි සූසා දේශ්මුක්ගේ ආදරණීය බිරිඳ ද වෙයි.

‘හවුස්පුල්’, ‘ඒක්විලන්’, ‘ඩමාල්’ චිත්‍රපටවල රඟපැ රිටේශ් තනිව රංගනයෙන් දායක වන සියලු චිත්‍රපට අසාර්ථක වූ අතර මෑතකදි සුපිරි නළුවන් සමග රඟපා සියලු චිත්‍රපට සාර්ථක වී ඇත.

ටයිගර් ෂෙරොෆ් නිසා සාර්ථක වූ ‘බාගි’ චිත්‍රපට මෙවරද සාර්ථක වනු ඇතැයි බොහෝ දෙනා අදහස් දක්වයි.