(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ (SIFF) ‘ඒෂියා නිව් ටැලන්ට් අවෝඩ්’ සිනමා සම්මානය සඳහා හොඳම නළුවා සහ හොඳම තිරරචනය යන සම්මාන ද්වයට ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘විෂම භාග’ (The Other Half) සිනමාපටය නිර්දේශ වී තිබේ.
සම්මාන ප්රදානෝත්සවය ජූනි 21 වන දින චීනයේ හයි ෂැන් සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව එම චිත්‍රපටයේ තිර රචනය කළ ලලිත් රත්නායකත් නවක ළමා රංගන ශිල්පියකු වන පන්සිලු වික්රමරත්නත් මෙම සම්මාන සඳහා නිර්දේශ වී ඇත.
‘විශම භාග’ ඔවුන් දෙදෙනාගේම පළමු අධ්‍යක්ෂණය සහ රංගනය වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.
කෘෂි රසායනයන්ගෙන් අපවිත්‍ර වූ ජල පරිහරණයෙන් වැළඳෙන මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානයක් කේන්ද්‍ර කරගත් ‘විෂම භාග’ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ සත්කාර චිත්‍රපටය ද වේ.
මෙම සිනමාපටයට ජැක්සන් ඇන්තනී, හේමසිරි ලියනගේ, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂණී රත්නායක රංගනයෙන් දායක වන අතර නවක ළමා රංගන ශිල්පීන් ලෙස පන්සිලු වික්‍රමරත්න සහ පන්කජ වික්‍රමරත්න ප්‍රධාන චරිත නිරූපණය කරයි.











