(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරඟාවලියේ 24 වැනි තරගය එංගලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද (18) මැන්චෙස්ටර්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
එංගලන්ත කණ්ඩායම මේ වන විට සහභාගී වූ තරග 04 න් 03 ක් ජයගෙන ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ රැදී සිටින අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු වෙයි.
තරඟය ශ්රී ලංකා වේලාවෙන් අද (18) පස්වරු 03 ට ආරම්භ විමට නියමීතය.








