(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ‘බාහුබලී’ චිත්රපට හරහා අතිශය ජනප්රිය වූ ප්රභාහස් රංගනයෙන් දායක වන අලුත්ම චිත්රපටය වූ ‘සහෝ’ මේ වනවිට සියලු වැඩ කටයුතු අවසන් කර තිබෙන බව කොලිවුඩයෙන් වාර්තා වෙයි.
මෙම චිත්රපටය අගෝස්තු 15 වැනිදා ප්රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ.
ප්රභාහස්, ශ්රද්ධා කපූර්, නීල් නිතෙන් මුකේෂ් රංගනයෙන් දායක වන මෙම චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 300ක් වැය කරමින් නිර්මාණය කරන චිත්රපටයක් බවත් සඳහන් වේ.
මෙය ‘2.0’ චිත්රපටයෙන් පසුව වැඩිම වියදමක් දරා නිර්මාණය කරන ඉන්දීය චිත්රපටය වීමද විශේෂත්වයකි.









