FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාව පරදා ඉන්දීයාව ලකුණූ 36 ක ජයක් වාර්තා කරයි

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (09) පැවති 14 වන තරගයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදා ලකුණූ 36 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ලන්ඩන් නුවර කෙනිංග්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමීන් නියමීත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 05ක් දැවීලකුණු 352 ක් රැස් කළේය.

කෙසේ වෙතත් ලකුණූ 353 ක ජයග්‍රාහී ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායයමට නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 314ක් පමණි.

මෙම ජයග්‍රහණයත් සමගින් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ලෝක කුසලාන තරගාවලියේ 15 වැනි තරගය අද (10) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණූ අප්‍රිකාව අතර සවුත්හැම්ප්ටන්හි ද රොස් බොල් ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීතය.