FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයට කඩුලු 10 ක පහසු ජයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වේල්සයේ කාඩිෆ් නුවර සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (01)  පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක් අත්කරගත්තේ

තරගයේ කාසියේ වාසිය දිනාගත් කේන් විලියම්සන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනු ලැබුවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට ඕවර 29.2කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136ක් පමණි. නවසීලන්ත කණ්ඩායම ඕවර 16.1 කදී කිසිවකු නොදැවී ලකුණු 137 ක් ලබාගත්තේය.