FAST NEWS

24×7 Around the Globe

රොබර්ට් පැටින්සන් මීළඟ බැට්මෑන්ගේ චරිතයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2021 දී එළිදැක්වීමට දින නියම කරගෙන සිටින මැට් රිව්ස්ගේ මීළඟ සිනමාපටය “The Batman” හි ප්‍රධාන චරිතයට ජනප්‍රිය රංගන ශිල්පී රොබර්ට් පැටින්සන් තෝරාගෙන ඇති බව හොලිවුඩයෙන් වාර්තා වේ.

චිත්‍රපටය සඳහා ගිවිසුම් මෙතෙක් අත්සන් තබා නැති නමුත් බැට්මෑන්ගේ චරිතය සඳහා පළමු තේරීම වී ඇත්තේ රොබර්ට් බව විදෙස් මාධ්‍ය  වැඩිදුරටත් සදහන් කරයි.