(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හොලිවුඩයේ මෙන්ම ලෝකයේම ප්‍රසිද්ධියට පත්ව සිටින සෙලීනා ගෝමස් 69 වසයේ පසුවන හොලිවුඩ් නළුවෙක් වන මරී සමගින් විවාහ වීමට සූදානම් බව පසුගිය දිනවල විදෙස් මාධ්‍ය අනාවරණය කළේය.
මේ බව ඇය තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහාද සදහන් කර තිබේ.
මරී සමගින් ඇය පසුගියදා කෑන්ස් චිත්‍රපට උළෙලට සහභාගී වූ අතර එහිදී ඇය සහ බිල් එකට සිටින ඡායාරූප බොහොමයක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු විය.
නමුත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය දරන්නේ වෙනස්ම අදහසක්.
ඇතැමුන් සඳහන් කරන්නේ සෙලීනා මේවනවිට මානසික රෝගයකින් පෙලෙන අතර ඒ හේතුවෙන් ඇය මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි.
නමුත් මේ කාරණාව පිළිබඳව ඇතැම් අය අදහස් පල කරන්නේ ඇය සහ බිලී එක්ව රංගනයෙන් දායක වීමට නියමිත ඇති The Dead Don’t Die චිත්‍රපටයේ ප්‍රචාරයට මෙලෙස පුවත් මවන බවයි.









