(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පෙරහුරු තරග අද (24) සිට ආරම්භ වීමට නියමීතය.
එහි පළමු තරග දෙක ලෙස ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතරත් ශ‍්‍රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර තරග පැවැත්වේ.
ශ‍්‍රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර තරගය කාඩිෆ් හිදී පැවැත්වෙන අතර මෙම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.00 ට ආරම්භ වීමට නියමිතය.
ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරගය බි‍්‍රස්ටල් හිදී පැවැත්වේ.
ලෝක කුසලාන තරගාවලියට පෙර සෑම කණ්ඩායමකටම පෙරහුරු තරග දෙකකට සහභාගි වීමේ අවස්ථාව ලැබී තිබේ.









