FAST NEWS

24×7 Around the Globe

සෙලීනා පෙමින් බැදුණු අලුත්ම මහලු පෙම්වතා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ප්‍රශංයේ පැවැති 72 වැනි කාන්ස් උළෙලට පැමිණි තරු අතරින් බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වූයේ හොලිවුඩ් සිනමා නිළි සහ ගායිකා සෙලීනා ගෝමස් කෙරෙහියි.
ඇය පසුගිය කාලයේත් වඩාත් කතාබහට ලක්වූයේ ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් සමග තිබූ ප්‍රේම සබදතාව නැවතී යාම හේතුවෙන්. සෙලීනා මේ හේතුවෙන් බොහෝ සිත් පීඩාවට පත්ව සිටි බවත් නොරහසකි.
කෙසේ වෙතත්, සෙලීනා මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ‘කාන්ස්’ උළෙලේ රතු පළස මතින් ඇවිදි ගියේ සිය අලුත්ම පෙම්වතා බව සැළකෙන 62 වැනි වියෙහි පසුවෙන හොලිවුඩ් සිනමා නළු බිල් මරේ සමගයි.
මෙම යුවළ ප්‍රසිද්ධියේ සිටි නිසාවෙන් මොවුන්ගේ ප්‍රේම සම්බන්ධය සත්‍ය එකක් බව පිළිගන්නට වෙන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.