FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානයට යන පාපන්දු කණ්ඩායම් ගැන තීරණයක්

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වැඩි කිරීමේ තීරණය අත්හිටුවීමට පාපන්දු බලධාරීන් තීරණය කර තිබේ.
නමුත් දේශපාලනික ඇතුළු වෙනත් කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් තීරණය කල් දැමීමට පියවර ගත් බව ෆිෆා සභාපතිවරයා ප්‍රකාශ කර සිටියි.
2022 වසරේදී කටාර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලිය සඳහා කණ්ඩායම් 48 ක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණත් එම කණ්ඩායම් සංඛාව 32 ක් බව නැවතත් ප්‍රකාශ කරනු ලැබීය.
2026 වසරේ ඇමරිකාව කැනඩාව සහ මෙක්සිකෝව සත්කාරකත්වය දක්වන තරගාවලියේ ඉදිපත් වන කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කිරීමට බලධාරින් තීරණය කර තිබේ.