FAST NEWS

24×7 Around the Globe

Huawei සමග සබදතා අත්හිටුවීමට Google තීරණය කරයි

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ Huawei සමාගම සමග තිබෙන වෙළද ගිවිසුම අත්හිටුවීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබේ.
මේ තීරණයත් සමග ගූගල් සමාගම විසින් ලබාදී තිබූ Android Play Store පද්ධතිය හරහා Huawei දුරකථන වෙත ලබාදෙනු ලබන සේවා සීමා කිරීමට ලක්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව වැඩියෙන්ම ජංගම දුරකථන නිෂ්පාදනය කරනු ලබන සමාගම් අතර දෙවන ස්ථානයේ පසුවන චීනයේ Huawei සමාගම සමග අමෙරිකාවේ පවතින මතභේදය හේතුවෙන් මෙම ගැටළුකාරී තත්ත්වය මතුවී ඇත.
මේ සමග ඉදිරියේදී වෙළදපලට නිකුත් වීමට නියමිත Huawei සමාගමේ නවතම දුරකථන මාදිලි වලට ගුගල් Play Store හරහා Youtube, ගුගුල් මැප්ස් වැනි Apps භාගත කර ගැනීමේ හැකියාවක් නොමැති බවත් වාර්තා වෙයි.
එමෙන්ම දැනට භාවිතයේ තිබෙන Huawei ජංගම දුරකථන සදහා ගුගල් සමාගමේ සේවා සැපයීම සිදුවුවත්, මේ වසරේ අවසන් කාර්තුවේදී නිකුත් වීමට නියමිත ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණයත් (New update) සමග ගුගල් Play Store හරහා සේවා ලබා ගැනීමේ අපහසුතාවයක් මතු වනු ඇති.