FAST NEWS

24×7 Around the Globe

ඩිවෝන් ජොන්සන් ‘ජුමන්ජී’ තුන්වැන්නෙන් යළිත් කරළියට..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව ධනවත්ම සිනමා නළුවන් අතර පළමු තැන රැඳී සිටින ජනප්‍රිය හොලිවුඩ් සුපිරි නළු ඩිවෝන් ජොන්සන් එළැඹෙන දෙසැම්බර් 13 වැනිදා ප්‍රදර්ශනය වීමට ‘ජුමන්ජී’ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා මේ දිනවල එක්ව සිටින බව වාර්තා වේ.
ජොන්සන් ‘ජුමන්ජි’ දෙවැනි චිත්‍රපටය වූ ‘ජමන්ජි වෙල්කම් ටූ ජංගල්’ චිත්‍රපටයේද රංගනයෙන් දායක විය.
ඔහුගේ අලුත්ම චිත්‍රපටය වූ ‘හොබස් ඇන්ඩ් ස්නොව්’ චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇති අතර, එය අතිශය ජනප්‍රිය වූ ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයද වේ.
හොබස් ඇන්ඩ් ස්නොව් අගෝස්තු 02 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.