FAST NEWS

24×7 Around the Globe

ජෝන් සීනා ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ තුළින් ප්‍රේක්ෂකයා අතරට…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට තිරගත කිරිම් කටයුතු ආරම්භ කර ඇති ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ අලුත්ම චිත්‍රපටය සඳහා ජනප්‍රිය මල්ලවපොර ශූරයෙකු වන ජෝන් සීනා එක් කරගෙන තිබෙන බව වාර්තා වෙයි.
තම ‘ටිවිටර්’ ගිණුමේ ජෝන් සිනා සමගින් පෙනී සිටින ඡායාරූපයක් හා ඔහු සමගින් ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් සම්බන්ධව තබා තිබුණ කෙටි සටහනක්ද නිසාවෙන් ජෝන් සීනා මෙසේ මෙම චිත්‍රපටයට සම්බන්ධව සිටින බවට තොරතුරු ලැබී තිබේ.