FAST NEWS

24×7 Around the Globe

Avengers බොලිවුඩයේ වාර්තා පිහිටුවයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට ලෝකය පුරා අති සාර්ථකව තිරගත වෙන ‘ඇවෙන්ජ්ර්ස් එන්ඩ් ද ගේම්’ චිත්‍රපටය ඉන්දීය සිනමාව තුළද දින දෙකක කාලයක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 100 කට වඩා වැඩි ආදායමක් උපයා ගනිමින් වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.
විදෙස් චිත්‍රපටයක් ඉන්දියාව තුළ දින දෙකක් තුළදී උපයාගත් ඉහළම ආදායම මෙය ලෙස ඉතිහාසයට එක්වෙයි.
ඇවෙන්ජ්ර්ස් ඊන් ෆිනිටි’ චිත්‍රපටය විසින් ඉන්දියාව තුළදි ප්‍රදර්ශනය කළ කාලයේදි ඉන්දීය රුපියල් කෝටි 222 ක් උපයාගත් අතර, ‘ඇවෙන්ජ්ර් ඊන්ඩ් ද ගේම්’ චිත්‍රපටය එම වාර්තාව අභිභවා යන බවට මේ වනවිටත් ලකුණු පෙන්වමින් සිටින බව ඉන්දීය සිනමා විචාරකයන් පවසයි.