FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානය ජයග්‍රහණය ක⁣ලොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් මිලියනයක්..

ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් මෙවර එක්දින ලෝක කුසලානය ජයගතහොත් ඔවුනට ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ආසන්න වශයෙන් රු. මිලියන 177ක්) මූල්‍ය ත්‍යාගයක් ප්‍රදානය කිරීමට නියමිතය.
මේ සඳහා වන ක්‍රීඩක ගිවිසුම් සහ නීතිමය තත්ත්වයන් මේ වනවිටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසන් කර ඇති අතර, ක්‍රීඩකයන්ද එම කොන්ත්‍රත්තුව (දක්‍ෂතා මත පදනම්ව ගෙවීම් සිදු කරන කොන්ත්‍රාත්තුව) සඳහා අත්සන් තබා තිබේ.