FAST NEWS

24×7 Around the Globe

විරාමයකින් පසු ජෙනිෆර් ලොරෙන්ස් නැවතත් සිනමාවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හොලිවුඩයේ සුපිරි රංගන ශිල්පිනියක් වගේම ඔස්කා සම්මානලාභිනි ජෙනිෆර් ලොරෙන්ස් පසුගිය වසර දෙකක පමණ කාලයක සිට සිනමාවෙන් තවකාලිව සමුගෙන තිබුණේ තමන්ගේ පෞද්ගලික හේතුන් කිහිපයක් හේතුවෙන්.
එළිසබෙත් සැන්ඩ්‍රස් විසින් තිර රචනා කළ චිත්‍රපටයක රූපගත කිරීම් සඳහා ලබන ජුනි මාසයේ සිට ඇය එක්වීමට නියමිතව ඇත.
තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ‘ඩාර්ක් පොන්ක්ස්’ චිත්‍රපටය තුළින්ද ජෙනිෆර් දැක ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වේ.