FAST NEWS

24×7 Around the Globe

‘ABCD’ ‘ස්ට්‍රේට් ඩාන්සර්’ වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රේක්ෂකයා අතර අති ජනප්‍රියත්වයට පත්ව සාර්ථක උපයා ගැනීමක් ද සිදුකළ ‘එනි බෝඩි කැන් ඩාන්ස්’ හෙවත් ‘ABCD’ චිත්‍රපටයේ නම මේ වන විට ‘ස්ට්‍රේට් ඩාන්සර්’ ලෙස වෙනස් කිරීමට කටයුතු යොදා තිබේ.
රිමෝ ඩී සූසා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් මේ වනවිටත් සිදුවෙන අතර නොවැම්බර් 08 වැනිදා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
‘එනි බෝඩි කැන් ඩාන්ස්’දෙවැනි චිත්‍රපටයේ රගපෑ වරූන් ධාවන්, ශ්‍රද්ධා තපූර්, ප්‍රභු දේවා මෙහි සුපුරුදු චරිත තුළින් ප්‍රේක්ෂකයා අතරට එක්වෙයි.