FAST NEWS

24×7 Around the Globe

‘සාරා එහෙම කතා කරනවට මම හරි ආසයි’ ෂාරුක් කියයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ තිරගත වූ එක් වැඩසටහනකදී සයිෆ් අලි ඛාන්ගේ දියණිය වන සාරා අලි ඛාන් විසින් ෂාරුක් ඛාන්ව අන්කල් ලෙස ආමන්ත්‍රණය කිරීම ඔහුගේ රසිකයන් නොසතුටට පත් කරන්නට සමත් වී තිබේ.
ඇය විසින් එම වැඩසටහනේදී ‘‘එක කාලයක් මේ වැඩ සටහන ඉදිරිපත් කළේ මගේ තාත්තායි, ෂාරුක් අන්කලූයි.. ඒ කාලේ ඉදන්ම මම මේකට ආසයි..’’එම වැඩ සටහනේදී ඇය පැවසුවාය.‘‘එයා එහෙම කතා කරන්න වටින්නෙ නෑ.. එයාට ෂාරුක් සර් කියලයි කියන්න තිබුණේ..’’ යැයි ඇතැමුන් පවසා ඇත.
‘‘සාරාගෙ වයස අවුරුදු 23යි.. ෂාරුක්ට 53 යි.. ඉතින් එයා අන්කල් නොකියා වෙන මොනවා කියන්න ද..? ’’තවත් සමහරු එසේ කියයි.
ෂාරුක් නම් එම ඇමතුම බාර ගෙන ඇත්තේ බලවත් සතුටිනි.‘‘සාරා එහෙම කතා කරනවට මම හරි ආසයි.. අපි දෙන්නගෙ වයස් පරතරය අවුරුදු 30 ක්…ඉතින් එයා මට අයියා කියන්නයැ’’ඔහු ප‍්‍රකාශ කර තිබුණි.