FAST NEWS

24×7 Around the Globe

ජාන්වී කපූර් නැවතත් කරළියට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2018 වසරේ තිරගත වූ කරන් ජොහර්ගේ ‘දඩක්’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පැමිණි ශ්‍රීදේවිගේ දියණිය වන ජාන්වි කපූර් තමන්ගේ මීළඟ චිත්‍රපටය සඳහා මේ දිනවල සූදානම් වෙන බව වාර්තා වේ.
දිනේෂ් විජානි අධ්‍යක්ෂණය කරන ‘රෝ අෆ්සා’ චිත්‍රපටය තුළින් යළිත් කරළියට එන ඇය මෙහි ද්විත්ව චරිතයක් නිරූපණය කරන බව සඳහන් වේ.
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රාජ්කුමාර් රාඕ හා වරූන් ෂර්මා සමග ජාන්වි කපූර් මෙම චිත්‍රපටයේ රංගනයේ නිරත වෙයි.
අත්භූත කතා තේමාවක් ඇතුළත් කතා දාමයක් මෙම චිත්‍රපටය පුරාවට දිව යයි.
‘රෝ අෆ්සා’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මැයි මස අගදි ආරම්භ කෙරෙන අතර, එය 2020 වසරේ මාර්තු 20 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.