FAST NEWS

24×7 Around the Globe

දිල්ලිය පරදා හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 05 ක ජයක් වාර්තා කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16 වැනි තරගය ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර දිල්ලිහිදී ඊයේ (04) පැවැති තරගයෙන් කඩුලු 05 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය හයිද්‍රාබාද් අරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දිල්ලිය පන්දුවාර 20 තුල කඩුලු 08 ක් දැවී ලකුණූ 129 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 03 කදී කඩුලු 05 ක් දැවි ලකුණූ ලකුණූ 131 ක් ලබා ගනිමීන් සිය ජයග්‍රාහි ඉලක්කය සපුරා ගත්තේය.