FAST NEWS

24×7 Around the Globe

ජේ. මහේන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොලිවුඩ් සිනමාවේ ප්‍රවීණයෙක් වන ජේ. මහේන්ද්‍රන් අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු පසුගිය දින කීපයේම අසනීපයෙන් පසුවී ඇති අතර ඊයේ (02) චෙන්නායි හි පිහිටි සිය නිවසේ දී අවසන් හුස්ම හෙළා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 79 කි.
Aadu Puli Attam, Mullum Malarum, Uthiripookkal , Nenjathai Killadhe වැනි ජනප්‍රිය සිනමා නිර්මාණ 40 කට අධික ප්‍රමාණයක් සඳහා අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන් මෙන්ම රංගනයෙන් ද මේ සුපිරි නළුවා දායක වී තිබේ.
එසේම ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වන Mullum Malarum, රංගන ශිල්පී රජිනි කාන්ත්ගේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂය ලෙස ද සලකනු ලැබේ.