FAST NEWS

24×7 Around the Globe

පන්ජාබය පරදා දිල්ලිය ලකුණූ 14 ක ජයක් වාර්තා කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්යි – 20 තරගාවලියේ 13 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර මොහාලිහිදී ඊයේ (01) රාත්‍රි පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු දිල්ල් ආරාධනය අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 166 ක් රැස් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායම ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 152 කට සීමා කිරීමට පන්ජාබ් පන්දු යවන්නෝ සමත් වූහ.