FAST NEWS

24×7 Around the Globe

සිංහල සිනමාවේ ප්‍රථම වරට ඩොල්බි ඇට්මොස් තාක්ෂණයෙන් චිත්‍රපටයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකාවේ ප්‍රථම වතාවට ඩොල්බි ඇට්මොස් ශබ්ද තාක්ෂණය භාවිත කරමින් සිනමාපටයක් නිර්මාණයක් නිර්මාණය කිරීමට සූදානමක් පවතියි.
ලොව නවීනතම ක්‍රමය වන ඩොල්බි ඇට්මොස් ශබ්ද තාක්ෂණය අන්තර්ගත කොට ජාත්‍යන්තර සිනමා පට නිර්මාණය කෙරුණ ද එය දේශීය සිනමාවට භාවිතාකර නොතිබිනි.
හෝගානා පොකුණ සිනමාපටය අධ්‍යක්ෂණය කළ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ නවතම අධ්‍යක්ෂණයක් වෙන මේ චිත්‍රපටය වෙඩි නොවදින ළමයි පිරිසක් ආශ්‍රිතව නිර්මාණය වී ඇත.
ස්පීකර් 32 කින් සමන්විත ශබ්ද තාක්ෂණයක් ඩොල්බි ඇට්මොස් සඳහා ඇතුළත් වන අතර එමඟින් ප්‍රේ‍ක්ෂකයාට ඉහළ රස වින්දනයක් ලබාදෙයි.
මේ වන විට මෙම තාක්ෂණය භාවිත කොට ඉදි වූ සිනමා ශාලාව වනුයේ කොළඹ සිටි සෙන්ටර්හි ස්කෝප් සිනමා ශාලාවයි. ඉන්දිකගේ සිනමාපටයෙහි ඩොල්බි තාක්ෂණයෙන් යුතුව ශබ්ද සංකලනය මවනු ලබන්නේ ශෂික රුවන් මාරසිංහයි.