FAST NEWS

24×7 Around the Globe

ගර්බාෂ දෙකක කාන්තාවක් දරුවන් තිදෙනෙක් ප්‍රසුත කරයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – බංග්ලාදේශ ජාතික කාන්තාවක් නිවුන් දරු උපතකින් දින 26 කට පසු නැවත නොමේරු දරු උපතක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
අරීෆා සුල්තානා නම් 20 හැවිරිදි මෙම කාන්තාව පෙබරවාරි මස අග භාගයේ නිවුන් දරුවන් ප්‍රසුත කර ඇති අතර ඉන් දින 26 කට පසු ඇගේ බඩේ වේදනාවක් ඇති විම හේතුවෙන් ඇයව ජේස්සොර් දිස්ත්‍රික්කයේ අල්- ඩීන් රෝහලට පළමුවරෝහල්ගත තිබේ.
එහිදි දෙවන ගර්භාෂයක් තුළ තවත් දරුවකු සිටින බව වෛදවරුන් විසින් හදුනාගෙන ඇති පසුව හදිසි සිසෙරියන් සැත්කමක් සිදු කිරිමට බංග්ලාදේශයේ කුල්නා දිස්ත්‍රිකයේ,කුල්නා වෛද්‍ය විද්‍යාල රෝහල වෙත යවා තිබේ.
මෙම දරුවන් තිදෙනාම සුවෙන් පසුවන බවත් එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසයි.
මෙසේ ද්විත්ව ගර්බාෂ සහිත කාන්තාවන් දුර්වල බවත් 2006 වර්ෂයේදි මෙවැනිම දරු උපතක් සිදු කර ඇති බවද පැවසේ.