FAST NEWS

24×7 Around the Globe

දිල්ලිය පරදා චෙන්නායි කඩුලු 06 ක ජයක් වාර්තා කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්සයි – 20 තරගාවලියේ පස්වැනි තරගය ලෙස දිල්ලි කැපිටල් කණ්ඩායම සමග දිල්ලිහිදී (26) පැවැති තරගයෙන් කඩුලු 06 කින් ජයගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 147 ක් රැස් කළේය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04 කදී කඩුලු 04 ක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත් විය.
දිල්ලි පිතිකරණයේදි ශීකර් ධවාන් ලකුණූ 51 ක් රැස් කළ අතර පන්දු යැවිමේදි චෙන්නායි කණ්ඩායම ලකුණූ 33 කට කඩුලු 03 ක් දවා ගැනිමට ඩිවයින් බ්‍රාවෝ සමත් විය.
චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් පිතකරණයේදි ෂේන් වොට්සන් ලකුණූ 44 ක් හා දිල්ලිය වෙනුවෙන් අමිත් මිෂ්රා ලකණූ 35 කදී කඩුලු 02 ක් දවා ගත්තේය.
ලකුණූ පුරුව