FAST NEWS

24×7 Around the Globe

ආක්ෂේ කුමාර් ලබන වසරේදී බොලිවුඩයේ කාර්යබහුලම නළුවා වෙයි..

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – බොලිවුඩයේ ඉහළින්ම වැජඹෙන සුපිරි නළු ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වන චිත්‍රපට 06 ක් ලබන වසරේදී තිරගත වීමට නියමිතව තිබේ.
මේ ගෙවීයන වසරේදී බොලිවුඩ් සිනමා නිර්මාණ හතරකින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ආක්ෂේ ලබන වසරේදී වැඩිම බොලිවුඩ් චිත්‍රපට ප්‍රමාණයක පෙනී සිටින එකම සුපිරි නළුවාද වෙයි.
ආක්ෂේ ලබන වසරේදී රෝහිත් ෂෙට්ටිගේ ‘සූර්යවංශි’ චිත්‍රපටයෙන් ‘බාගි’ තුන්වැන්න, ‘හේරා පේරි’ තුන්වැන්න, ‘පෘථිවිරාජ් චෞහාන්’, ‘කංචනා’ බොලිවුඩ් චිත්‍රපටය මෙන්ම මෝහිත් සූරි අධ්‍යක්ෂණය කරන තවත් චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයා අතරට පැමිණෙයි.