FAST NEWS

24×7 Around the Globe

ශ්‍රද්ධාගේ උපන් දිනයට ‘සහෝ’ ගෙන් අපූරු තෑග්ගක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2020 වසරේ ප්‍රදර්ශනය වීමට නියමිත ‘සහෝ’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ශ්‍රද්ධා කපූර්ගේ උපන්දිනය පසුගිය මාර්තු 02 වැනිදාට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් ඇයට ‘සහෝ’ චිත්‍රපට කණ්ඩායම අපූරු තැග්ගක් ප්‍රධානය කර ඇත.
ඒ, එම චිත්‍රපටයේ පළමු ප්‍රචාරක පටයයි.
මෙය නිකුත් කළ දිනයේදී පැය 24 ක් තුළ සමාජජාලා වෙබ් අඩවි තුළින් පමණක් මිලියන 79 ක් නරඹා ඇත.
එමෙන්ම යු ටුයිබ් හරහා පැය 24 කදී මෙම ප්‍රචාරක පටය මිලියන 12ක් ලබාගෙන වාර්තාවක් ද තබා ඇත.