FAST NEWS

24×7 Around the Globe

formula one අධ්‍යක්ෂක චාලි වයිටිං මහතා මිය යයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මොහු 1997 වසරේ සිට එම තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර ඇත.
චාලි වයිටිං මහතා මිය යන විට 66 හැවිරි‍දි වියේ පසුවිය.
මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියා ගෝන් ෆ්‍රී formula one තරගාවලියට දින කීපයක් තිබියදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (14) පෙරවරුවේ ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
චාලි වයිටිං formula one race තරගාවලියේ ආරක්ෂාව ඇතුළු නීති රෙගුලාසි බලාත්මක කිරීම ආදී වගකීම දරනු ලබයි.
F1 මෝටර් රථ ධාවන කළමණාකාර අධ්‍යක්ෂ රොස් බ්‍රවුන් චාලි වයිටිංගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ ඔහු ඉතා වගකීමෙන් රාජකාරීකටයුතු කළ බවත් , ඔහුගේ මෙම මරණය සම්බන්ධයෙන් තමන් දැඩිසේ කණගාටුවට පත්වන බවත්ය.