FAST NEWS

24×7 Around the Globe

ප්‍රකට හාස්‍ය නළු ජොනීගේ දුවත් බොලිවුඩයට පය තබයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හාස්‍ය නළුවෙකු ලෙස බොලිවුඩයේ ජනාදරයට පත්ව සිටින ජොනී ලීවර්ව මේ වසරේ දී බොලිවුඩ් චිත්‍රපට කිහිපයකින්ම ප්‍රේක්ෂකයන්ට දැකබලා ගැනීමට හැකියාව ලැබේ.
ඒ වගේම තිරගත වීමට නියමිතව තිබෙන ‘හවුස්ෆුල්’ සිවුවැනි චිත්‍රපටයේ ජොනී සමගින් ඔහුගේ දියණිය වූ ජාමි ලීවර්ද රංගනයේ යෙදීම විශේෂත්වයක්.
ඇයද මෙහි සිය පියා මෙන් හාස්‍යයම ජවනිකා කිහිපයකටම පෙනී සිටින බව වාර්තා වෙයි.
ඔක්තෝබර් 25 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ආක්ෂේ කුමාර්, බොබ් ඩියොල්, රිතෙක් දේශ්මුක්, අභිෂේක් බච්චන් නිරූපණය කරනු ලබයි.