FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකාවේ සංස්කෘතිය විදහා දක්වන ඉතා වටිනා කලාවක් වන රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
වසර 04 කට වැඩි කාලයක් පුරාවට ගනු ලැබූ උත්සහයක ප්‍රතිඵලයක් ලෙස මෙම අගනා අවස්ථාව හිමිවූ බව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සදහන් කළාය.
මෙරට ශාන්තිකර්ම ජනකවි වැනි පැරණි කලාවන්ද ලෝක උරුම ලයිස්තුවට ඇතුලත් කරගැනීමේ අරමුණින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඇය වැඩිදුරටත් සදහන් කළාය.