FAST NEWS

24×7 Around the Globe

‘ටෝටල් දමාල්’ ට වෙබ් අඩවියක් හරස් වෙයි..


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොලිවුඩයේ සුපිරි අධ්‍යක්ෂ ඉන්දර් කුමාර්ගේ ‘ටෝටල් දමාල්’ චිත්‍රපටය පෙබරවාරි 22 වැනිදා තිරගත වීම ආරම්භ කළ අතර විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ද ඊට හිමිවිය.
තිරගත කර දින කීපයකින් ඉන්දීය රුපියල් කෝටි 80 කට ආසන්න මුදලක් උපයාගැනීමටත් මෙම චිත්‍රපටය සමත් විය.
නමුත් එම චිත්‍රපටය මේ වනවිට අන්තර්ජාලය හරහා සජීවිව නරඹන්නට එක්තරා වෙබ් අඩවියක් අවස්ථාව සළසාදී තිබේ.
ඒත් සමග චිත්‍රපටයේ ආදායම් උපයා ගැනීම එක්වරම අඩුවී ඇතැයිද වාර්තා වේ.
ඉන්දීය රුපියල් කෝටි 100 ක් වැය කරමින් නිර්මාණය කළ ‘ටෝටල් දමාල්’ චිත්‍රපටය ඉහත ක්‍රියාව නිසා පාඩු ලැබීමේ ගැටළුවකට ද මුහුණ දී තිබේ.
නමුත් මේ වන විට චිත්‍රපටය සජිවීව පෙන්වන වෙබ් අඩවිය අවලංගු කර ඇතැයි වාර්තා වේ.