FAST NEWS

24×7 Around the Globe

අංගම් හටන ගැන වාර්තාමය චිත්‍රපටයක් එළිදකී…

අරුණ ජයවර්ධන මහතා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ වෙනස් ආරක තේමාවක් රැගත් අංගම් හටන වාර්තාමය චිත්‍රපටයක් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ඊයේ (14) එළිදැක්විණ.
ආක්‍රමණිකයන්ගෙන් දේශය සුරකින්නට පෙරමුණගත් අංගම් ශිල්පය සමග දේශීය අන්‍යයතාවය ජාත්‍යන්තරයට රැගෙන යෑම සඳහා මේ චිත්‍රපටය නිර්මාණය කර තිබේ.
සිරස ගොට් ටැලන්ට් ශුරතාව දිනාගත් අජන්ත මහන්ත ආරච්චි මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ අංගම් සටන් කණ්ඩායම රංගනයෙන් දායකත්වය ලබාදෙයි.
මෙම චිත්‍රපටයේ ඇතුළත් කතාව දිගහැරෙන්නේ අජනත් මහන්ත ආරච්චි මහතා අංගම්පොර ශිල්පයෙන් ඉදිරියට පැමිණි ආකාරය වටායි.