FAST NEWS

24×7 Around the Globe

‘ඔරු ආදර් ලව්’ ආදරවන්තයන්ගේ දිනය දා ප්‍රදර්ශනයට…

පසුගිය වසරේ වඩාත් කතාබහට ලක්වූ චිත්‍රපටයක් වන ‘ඔරු ආදර් ලව්’ මලයාලම් චිත්‍රපටය මේ වසරේ පෙබරවාරි 14 වැනිදාට යෙදී තිබෙන ආදරවන්තයන්ගේ දිනයේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් හේතුවෙන් එය රසිකයන් අතර වඩාත් කතා බහටද ලක්විය.
පසුගිය කාලයේ විවිධ චෝදනා නිසා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නොහැකි වූ අතර, මේ වනවිට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නීතියෙන් අවසර හිමිවී තිබේ.