FAST NEWS

24×7 Around the Globe

ආදරවන්තයන්ගේ දිනයට බොලිවුඩයෙන් තිළිණයක්…

ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් නවතම සිනමා පටයක් තිළිණ කිරීමට බොලිවුඩ් සිනමාව මේ වනවිට සූදානමින් සිටී.
එම්. එම්. චන්ද්‍රමෝලිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙම නව චිත්‍රපටය නම්කර ඇත්තේ “100%” කාදල් ලෙසයි.
2011 දී 100% කාදල් නමින් තිරගතවූ තෙළිඟු සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක්වූ ආදර වෘත්තාන්තයක් වන මෙම සිනමාපටය නව යොවුන් වියේ ආදරය, තරගකාරී බව, අධිෂ්ඨානශීලී බව එක්වූ නිර්මාණයකි.
ආදරවන්තයන්ගේ දිනයේදී හදවත් සංවේදී කරන්නට සමත් මෙම චිත්‍රපටය පෙබරවාරි 14 වනදා තිරගත වීම ඇරඹේ.
මෙම සිනමාපටය පෙම්වත් හදවත් සොරාගැනීමට සමත් නිර්මාණයක් වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.