FAST NEWS

24×7 Around the Globe

නව වසරේ සූර්යාගේ ප්‍රථම සිනමා පටය පෙබරවාරියේදී…

 

කොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය සුපිරි නළු සූර්යා රඟන මේ වසරේ පළමු චිත්‍රපටය එළැඹෙන පෙබරවාරි 14 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. 

මෙම නවතම සිනමා අත්දැකීම ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වී ඇති අතර සුන්දර ආදර කතාවක්ද ඇතුළත්ව තිබේ.

මෙහි පළමු වතාවට සිනමා පෙම්වතුන් ලෙස රුකුල් සිං, සූර්යා සමග රංගනයෙන් දායක වී සිටිම විශේෂත්වයක් වන අතර සායි පල්ලවී, සරත් කුමාර්, මුරලී ෂර්මා, මන්සූර් අලී ඛාන් ඇතුළු ඇතුළු සුපිරි නළුනිළි රැසක් මෙහි රංගනයෙන් දායකත්වය ලබාදෙයි.