FAST NEWS

24×7 Around the Globe

“එක් ලඩ්කී කෝ දේකාතෝ ඒසා ලගා” රිදී තිරයේ තිරගත වීම අරඹයි…

දශක ගණනාවක් පුරා තම රංගන හැකියාවෙන් රසික සිත් ඇද බැද තබාගැනීමට සමත් වූ සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් සහ ජූහි චවුලා විසින් රග දක්වනු ලබන ” එක් ලඩ්කී කෝ දේකාතෝ ඒසා ලගා ” චිත්‍රපටය පෙබරවාර් 01 වනදා සිට තිරගත වීම ආරම්භ කර තිබේ.

මෙහි විශේෂතම සිද්ධිය වන්නේ අනිල් කපූර් ඔහුගේ දියණිය සෝනම් කපූර් සමග පියා සහ දියණිය යන චරිත සිනමා තිරයේදී ද රූපණය කරන්නට අවස්ථාව ලැබී තිබීමයි.

‘ඒක ලඩ්කී කෝ දේකාතෝ ඒසා ලගා’ චිත්‍රපටය ෂෙලි චොප්රා දාල්ගේ අධ්‍යක්ෂණයක් වන අතර නිෂ්පාදනය විනෝද් චොප්රාගේය.

2014 වර්ෂයේ අතිශය ජනප්‍රිය වූ PK චිත්‍රපටයත් නි,ෂ්පාදනය කරනු ලැබුවේ විනෝද් චොප්රා විසින්ය.

සිනමා විචාරකයින් පවසන්නේ මෙම සිනමා පටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලොවපුරා සිනමා ශාලාවල තිරගත වනු ඇති බවයි.