ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් විසින් පසුගිය දිනක යෙදී තිබුණ ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් තම පෞද්ගලික වියදමින් නිර්මාණය කරන ලද දැන්වීමක් සිය රසිකයන් වෙත ලබාදී ඇතැයි වාර්තා වෙයි.
එම දැන්වීම තුළ ඉන්දීය පන්ජාබ් සොල්දාදුවන් 21 ක් දෙනෙකු පෙනී සිටින ඡායාරූපයක් දැක්වෙන අතර එළැඹෙන මාර්තු මාසයේදී තිරගත වීමට නියමිත ‘කේසාරි’ චිත්‍රපටයේ ආක්ෂේ කුමාර් පෙනි සිටින දර්ශනයක කොටසක් මෙම දැන්විමට යොදාගෙන ඇතැයි සඳහන් වේ.
1897 වසරේදී ඇෆ්ගනිස්තානය සමග පැවති යුදහමුදා සටනක් කේන්ද්‍ර කොට ගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.










