FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තය විස්සයි – 20 තරගාවලිය සඳහා සංචිතය නම් කරයි..

 

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ ලබන 06 වැනිදා ආරම්භ විමට නියමීත තරග තුනකින් යුත් විස්සයි – 20 තරගාවලිය සඳහා වන නවසීලන්ත සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව කෙන් විලියම්සන්ගේ නායකත්වයෙන් ක්‍රිඩකයින් 14 දෙනෙකුගේ සංචිතයක් නම් කර තිබේ.

තරග තුන පිළිවෙලින් පෙබරවාර 06-08-10 යන දිනයන්හිදි පැවැත්වේ.

සංචිතය: කෙන් විලියම්සන් (නායක), ඩග් බ්‍රැක්වෙල්, කොලින් ඩී ග්රෑන්ඩිමොර්, ලොකී ෆර්ගියුසන් (පළමු හා දෙවැනි තරග),මාර්ටින් ගප්ටිල්, ස්කොට් කගල්ජිං,ඩැරිල් මිචෙල්, කොලින් මුන්රෝ,
මිචෙල් සන්තර්, ටිම් සයිෆර්ට්(කඩුළු රකින්නා), ඉෂ් සොදි, ටිම් සවුති, රොස් ටේලර්, බිලෙයාර් ටික්නර් (තෙවැනි තරගය)