බොලිවුඩ් සිනමාවේ ඉහළින්ම වැජඹෙන සුපිරි නිළි කරීනා කපූර් ලෝක් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානම් බව ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කරයි.
ඇය සමග මේ සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍ය කමල්නාත් සාකච්ඡා කර ඇති බවද සඳහන් වේ.
කෙසේ වුවත් මේ කාරණාව සම්බන්ධයෙන් කරීනා පවසා ඇත්තේ දේශපාලනයට කෙසේ වෙතත් චිත්‍රපට සඳහා නම් තමාගේ මූලික අවධානය යොමුවී ඇති බවයි.









