FAST NEWS

24×7 Around the Globe

කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල අද (29) ජනපතිගේ ප්‍රධානත්වයෙන්…

 

 

34 වන වරටත් පැවැත්වෙන කලාභුෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙඵම්පොකුණ රගහලේදී අද (29) පස්වරු 4.00 ට ආරම්භ කිරීමට නියමිතය.

මෙහිදී කලා ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටුකළ කලාකරුවෝ 200 දෙනෙක් මෙහිදී සම්මානයට පාත්‍ර වෙයි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම උළෙල සංවිධාන කරනු ලබයි.