FAST NEWS

24×7 Around the Globe

අයි.සී.සී ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් විරාත් කෝලීට..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේ 2018 වර්ෂයේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයම හිමි කර ගැනීමට ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කෝලි සමත්ව තිබේ.

ඒ අනුව අයි.සී.සී. වසරේ ක්‍රීඩකයාට හිමි සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය, අයි.සී.සී. වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය, අයි.සී.සී. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය කෝලිට හිමිව තිබේ.

ඒ අනුව එම සම්මාන ත්‍රිත්ත්වය එක් අවස්ථාවකදී හිමිකර ගත් එකම හා පළමු ක්‍රීඩකයා ලෙස විරාත් කෝලි ඉතිහාසයට එක්ව තිබේ.

එසේම වසරේ එක්දින හි ටෙස්ට් කණ්ඩායම් දෙකටම නම්ව ඇති කෝලි එම කණ්ඩායම දෙකේ නායකත්වයටද නම්කර තිබේ.