FAST NEWS

24×7 Around the Globe

ගින්නෙන් උපන් සීතල 18 වැනිදා සිට සී.ඊ.එල් මණ්ඩලයේ.

 

ජනතා විමුක්ති පෙරමුණු හිටපු නායකයෙක් වන  විජේවිර මහතාගේ ජීවිතය අලලා ධම්මගේ විසින් තිර රචනයෙන් ,අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්‍ෂණය කළ ගින්නෙන් උපන් සීතල(The Frozen Fire) චිත‍්‍රපටය 2019 ජනවාරි 18 සිට CEL මණ්ඩලයේ සිනමාශාලා ඇතළු තවත් සිනමාශාලා රැසක තිරගතවීමට නියමිතය.

ශ්‍රී ලාංකේය සිනමාව තුළදි දේශපාලන නායකයෙකු විප්ලවීය සටන් නායකයෙකුගේ ජීවිතය අරඹයා නිර්මාණය කරන ලද පළමු සිනමා නිර්මාණය මෙය වෙයි.

එමෙන්ම මෙරට සිනමා ඉතිහාසයේ පළමු වතාවට 2019 ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාවේ විශිෂ්ටතම සිනමාපටය තරඟ අංශය නියෝජනය කිරීමට ගින්නෙන් උපන් සීතල(The Frozen Fire) සිනමාපටය ට හැකිවිය.

කමල් අද්දරආරච්චි, රෝහණ විජේවීරගේ චරිතයට පණ පොවන අතර රෝහණ විජේවීරගේ බිරිඳගේ චරිතය සුලෝචනා වීරසිංහ නිරූපණය කරයි.

ගින්නෙන් උපන් සීතල(The Frozen Fire) සිනමාපටයේ සෙසු චරිත නිරූපණයෙන් දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුජීව ප්‍රියාල්, දීපානි සිල්වා, ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, සංජීව උපේන්ද්‍ර, අමල් රත්න ශාන්ත, සමීර හසුන්, චන්ද්‍රසෝම බිංදුහේවා, බුද්ධික ජයරත්න, ප්‍රසන්නජිත් අබේසූරිය, සුරාජ් මාපා, තුසිත් ලක්නාත්, හංසමාලා ජානකී, ජෙහාන් අප්පුහාමි, සුසාන් නිරෝෂන්, ජානක නිලංග, අංජන ප්‍රේමරත්න, මංජුල මොරගහ, චින්තක වාස්, ක්‍රිශාන්ත ජයබාහු, චින්තක කුලතුංග, ජීවනී කාරියවසම්, ලසන්ත ෆ්‍රැන්සිස්, පාලිත අබේරත්න හා බුද්ධික අබේරත්න දායක වෙයි.