FAST NEWS

24×7 Around the Globe

“The Gandhi’s murder” හා සම්බන්ධ වූ ලාංකිකයා…

 

මේ වසරේ ලොව පුරා තිරගත වීමට නියමිත චිත්‍රපට අතර ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙක් වන මහත්මා ගාන්ධිගේ චරිතය ඇසුරින් නිර්මාණය වන චිත්‍රපටයක් ද ඇතුළත්ව ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාවේ හැරවුම් ලක්ෂයකට හේතු වූ මහත්මා ගාන්ධි ඝාතනයට ලක්වූ ආකාරය පිලිබඳ ප්‍රමාණාත්මක සාක්ෂි සහ තොරතුරු මත සිදුකළ පර්යේෂණ තොරතුරු ඇසුරෙන් මෙම චිත්‍රපටය ගොඩ නගා තිබේ.

“The Gandhi’s murder” නමින් හදුන්වා ඇති මෙම චිත්‍රපටය Karim Traidia සහ Punkaj Sehgal ගේ නිර්මාණයකි.

මෙහි ඇති විශේෂතම කාරණාව වන්නේ The Gandhi’s murder චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලාංකික ශිල්පියකු සම්බන්ධ වීමයි.

තවද මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් 90% ක් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ වීම ද විශේෂත්වයක්.

Film Location ආයතනයේ චන්ද්‍ර රත්නම් මහතා විසින් මෙම රූපගත කිරම් ලංකාව තුල සිදුකිරීමට කටයුතු සූදානම් කර දී තිබේ.

සිනමා සංස්කරණ ශිල්පී අචිල රනිල් ෆොන්සේකා මෙම සිනමාපටයේ සංස්කරණ ශිල්පියකු ලෙස තම හැකියාවන් විදහා දක්වා ඇත.

 

20190103-gandhi-1