ලොව පුරා ජනප්‍රියත්වයට පත් ‘Pirates of the Caribbean’ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපට නිෂ්පාදනය කිරීමට මේ වන විට සූදානමක් පවතින බව හොලිවුඩයෙන් වාර්තා වෙයි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස සුප්‍රසිද්ධියට පත් කැප්ටන් ජැක් ස්පැරෝට රංගන දායකත්වය ලබාදුන් ජොනි ඩෙෆ් ද මේ සම්බන්ධයෙන් වන පණිවිඩයක් තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා තම රසිකයන්ට ලබාදී ඇත.
‘Pirates of the Caribbean’ නවතම චිත්‍රපටයක් ලෙස හෝ එම චිත්‍රපට මාලාවම නැවත නිෂ්පාදනයක් ලෙස හෝ මෙය නිර්මාණයට සූදානම් බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් සඳහන් කර තිබේ.









