ජනප්‍රිය කලා ශිල්පිනියක් වන සමනලී ෆොන්සේකා විවිධ පැතිකඩ හරහා තමන්ගේ දක්ෂතා විදහා දක්වන අතර ෆොන්සේකා කලා පවුලේ නම ඉදිරියට ගෙන යන රංගන ශිල්පිනියක්.
ඇයව බොහෝදෙනා හදුනන්නේ රංගන ශිල්පිනියක් ලෙස වුවත් සමනලීට හොඳට ගී ගැයීමේ හැකියාවක් පවතින බව බොහෝ රසිකයන් දන්නා කාරණාවක්.
ඇය විසින් ගායනා කරන “කොවුලෙක් මොටද” ගීතය පසුගිය දිනක අන්තර්ජාලයට නිකුත් කර තිබුණි.
මෙම ගීතය සුජීව හෙට්ටිතන්ත්‍රී විසින් රචනා කර තිබෙන අතර සංගීතය නිර්මාණය කර ඇත්තේ අරුණ ගුණවර්ධන විසිනි.









