ලෝ ප්‍රකට සුපිරි පොප් ගායිකාවක් වන ශකිරා හට ස්පාඤ්ඤ අධිකරණයක් විසින් චෝදනා එල්ල කර තිබේ.
ඒ ඇය විසින් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙනුයි.
අධිකරණය චෝදනා කර ඇත්තේ ඇය විසින් ස්පාඤ්ඤය තුළ කාලය ගෙවූ 2012 – 2014 අතර කාල වකවානුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 16.3 ක බදු පැහැර ඇති බවයි.
වසරකට මාස හයකට වඩා ජීවත් වන සෑම පුද්ගලයෙකුම ස්පාඤ්ඤය තුළ බදු ගෙවීමට සුදුසු පුද්ගලයෙකු ලෙස සලකනු ලබයි.
ශකිරා පවසා ඇත්තේ අදාළ කාලවකවානුව තුළ තමන් ස්පාඤ්ඤය තුළ නොසිටි බව හා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
කෙසේවෙතත් ඇයට අදාළ බදු මුදල ගෙවීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.









