වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් 18 දෙනෙකු පසුගියදා හිස වෙස් තැබීමේ මංගල්‍යක් සිදුකරනු ලැබීය.
බන්ධනාගාරගතව සිටින රැඳවූවන් නිදහස් වී ගිය පසු සමාජයේ දී නිවරැදිව වෘත්තීන්වල නිරතවීම සඳහා විවිධ වෘත්තීය පුහුණුකිරීම් බන්ධනාගාරය තුළදී සිදු කරනු ලබයි.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරගතව සිටින වෙනුවෙන් පාරම්පරික නර්තන කලාවන් පුහුණු කිරීමද සිදු කෙරීය.
හිස වෙස් තැබූ එක් අයෙකු බන්ධනාගාර නිලධාරියකු වූ අතර මෙය බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා උපදෙස් මත කෙරුනු කටයුත්තක් විය.
මෙම නර්ථන ශිල්පීන්ගේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරනු ලැබූවේ බන්ධනාගාර නිලධාරී ජේ. එච්. කේ. ජානක මහතායි.
එහි අධීක්ෂණ කටයුතු ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී තුසිත ඉන්ද්‍රජිත් උඩුවර, සහකාර බන්ධනාගාර අධිකාරී සේනක පල්ලෙතැන්න, ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක සහ ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරී පියසිරි බටගොඩ යන නිලධාරීන් විසින් සිදු කළහ.









