බොලිවුඩ් නළු අම්ර් ඛාන්ගේ බාල පුත් අසාඩ් රාඹ් ඛාන්ගේ උපන්දිනය පසුගිය 27 වෙනිදාට යෙදී තිබුණි.
එහිදී අමීර් ඛාන්ගේ මුම්බායිහි පිහිටි නිවසේදී අසාඩ්ගේ පාසල් මිතුරන් හා අසල්වැසි මිතුරු, මිතුරියන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් උපන්දින සාදයක් පවත්වා ඇත.
මෙම සාදය සදහා අමීර් ඛාන්ගේ මිතුරන් හෝ කිසිදු ප්‍රසිද්ධ චරිතයක් සහභාගී වී නොමැත.
පුතුගේ උපන්දින සාදයට පැමිණි කුඩා දරුවන් විනෝද කිරීමට අමිර් ඛාන් ප්‍රසිද්ධ කාටූන් චරිතයක් වූ ජිම් පප්පා, ලෙසත් ඔහුගේ බිරිඳ කිරන් වෙදපප්පා ලෙසත්, අමීර්ගේ පුත් අසාඩ් සූර පප්පා ලෙසත් ඇඳ පැළඳගෙන සිටියහ.
මෙම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් අමීර් ඛාන් සිය ‘ට්විටර්’ ගිණුම හරහා මුදාහැරීමට කටයුතු කර ඇත.












